ඇතැම් පුද්ගලයින් හා ආයතන විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමග යවන සුළු ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය කිරීමේ යෙදී සිටින බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව පවසනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙවැනි ක්‍රියා තුලින් කොමිෂන් සභාවේ කීර්ති නාමයට හානි පමුණුවන අතර ම, දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන විමර්ශන වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් සිදු කරන කටයුතු නීත්‍යානුකූල ව කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විකෘති සහගත මතයක් නිර්මාණය කිරීමට ද හේතු වන බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව නිකුත් කල නිවේදනය පහතින්