එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි අල් හම්රියා වරායේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

එලෙස ගිණි ගැනීමට ලක්වී ඇත්තේ අල් හම්රියා වරාය ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක්.

ගින්නට හේතුව විමර්ශනය කරමින් පවතින බවත් ඉන් කිසිදු අනතුරක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි සාජා පොලිසිය සඳහන් කර ඇත්තේ.

සාජා සිවිල් ආරක්ෂක අධිකාරියේ ගිනි නිවන කණ්ඩායම් මේවනවිට ගින්න සාර්ථකව පාලනය කර යාබද ඉන්ධන ගබඩා වෙත පැතිරීම වැළැක්වීමට සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සාජා පොලිසිය ජනතාවට පවසා ඇත්තේ ඔවුන්ගේ මෙහෙයුම් අවසන් වන තෙක් එම ප්‍රදේශයට ඇතුල්වීමෙන් වැළකී සිටින ලෙසයි.