විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ වේල්සයේ කුමරු අතර පැවති සකාච්ජාවක් පහතින් දැක්වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වූ අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙරට අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වේල්සයේ කුමරුගේ සහයෝගය ඉල්ලමින් වේල්සයේ කුමරු වෙත යොමු කිරීමට සකස් කළ ලිපියක් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වෙත භාර දෙන දී තිබෙනවා. මෙම ලිපිය මඟින් විශාලතම ආසියානු අලි ගහණයන්ගෙන් එකක් වන ශ්‍රී ලංකාවේ නිදහස් වන අලි ආරක්ෂා කිරීම සඳහා වේල්සයේ කුමරුගේ මිල කළ නොහැකි සහයෝගය ඉල්ලා සිටියේය. සෑම වසරකම අලි මරණ 400 කට අධික සංඛ්‍යාවක් සහ මිනිස් මරණ 150 කට අධික සංඛ්‍යාවක් සිදුවෙමින් දිනෙන් දින උග්‍රවන අලි මිනිස් ගැටුම වැළැක්වීමට විද්‍යාව පදනම් කරගත් ජාතික සංරක්ෂණ උපාය මාර්ගයක හදිසි අවශ්‍යතාව ද විපක්ෂ නායකවරයා මෙමඟින් ඉස්මතු කළේය. ඒ අනුව දිගුකාලීන, තිරසාර රාමුවක් යටතේ සංරක්ෂණ විශේෂඥයින්, දේශීය ප්‍රජාවන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එකට එක් කරගත් ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන මුලපිරීමක් (NECCI) පිහිටුවීමට සහයෝගය ලබා දෙන ලෙස ද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් යෝජනා කළේය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ අලි ඇතුන් අපගේ ජාතික උරුමය පමණක් නොවේ, ඔවුන් ගෝලීය ජෛව විවිධත්වයේ නිධානයකි. එබැවින් වේල්සයේ කුමරුගේ නායකත්වය සහ සංරක්ෂණ ජාලය සමඟින්, අපට වනජීවීන් සහ අපගේ ප්‍රජාවන් සඳහා තිරසාර අනාගතයක් ගොඩනගා ගත හැකිය.” එමෙන් ම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ද මෙසේ පැවසීය. “එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ අද්විතීය වනජීවීන් සහ ජෛව විවිධත්වය බෙහෙවින් අගය කරනවා. වන අලි ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම අත්‍යවශ්‍ය කරුණක්. එබැවින් මෙම මුලපිරීම කාලෝචිත හා අත්‍යාවශ්‍ය එකක් බැවින් වන අලි සංරක්ෂණය සහ සහජීවනය සඳහා කල් පවතින විසඳුම් සෙවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති කැපවීම අගය කරනවා.”
Published