Published
විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
2020 වසරේ අලි-මිනිස් ගැටුම අවම කිරීමට නිර්මාණය කළ ජාතික සැලසුම ද වහා ක්‍රියාත්මක කළ යුතු බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.
අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය දස වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
මෙරට ජීවත් වන සමස්ත වනඅලි ප්‍රමාණයෙන් වනාන්තර ආශ්‍රිතව ජීවත් වන්නේ සියයට 30ක් පමණක් වීම බරපතල කරුණක් බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.