Published
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. එම ජාතික වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පළමුව ආරම්භ කරන බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
අලිමිනිස් ගැටුම හේතුවෙන් පසුගිය වසරේ අලි ඇතුන් 388ක් සහ පුද්ගලයින් 150කට අධික පිරිසක් මියගොස් ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.