Published
අලුත්ගම, ශීලානන්ද පාර දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් දුම්රියක වැදී කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එම කාන්තාව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියෙහි අදාළ වෑන් රථය ගැටීතිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථය ධාවනය කර ඇත්තේ ඇත්තේ එම කාන්තාව බවයි පොලීසිය පැවසුවේ. මෙම ස්ථානයේ වර්ණ සංඥා පද්ධතියක් සවිකර තිබුණද එය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම මෙම අනතුරට හේතුව බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.