අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 13 වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සහ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයන් එහිදී විවාදයට ගැනුණා.
කෙසේවෙතත් එම අමාත්‍යංශවල වැය ශීර්ෂවලට වඩා මෙම විවාදයේදී වැඩි අවධානයක් යොමු වුණේ රට තුළ ඇති වූ ආපදා තත්වයන් පිළිබඳවයි.
මෙම විවාදයට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රට තුළ මතුව ඇති බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන ආපදාවලින් පීඩාවට පත් වූ ජනතාවට සහන සලසන නව අයවැයක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය වර්තමාන තත්ත්වයන්ට ගැලපෙන පරිදි නැවත ඉදිරිපත් කළ යුතු බවයි.




