Published
ශ්‍රී ලංකා ගුවන් සමාගම මිලදී ගත් නවතම ගුවන් යානය අද පෙරවරුවේ මෙරටට ළඟාවීමට නියමිතයි.
මෙම ගුවන් යානය කොළඹ වරාය නගරය දකුණ දෙස සිට පානදුර දක්වා අහසේ පහළින් පියාසර කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙම ගුවන් යානයේ ඡායාරූපයක් ලබාගෙන ගුවන් ටිකට්පතක් දිනා ගැනීමට ද දැන් ඔබට අවස්ථාවක් හිමිව තිබෙනවා.
අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරු, ආයතනික සන්නිවේදන දීපාල් පෙරේරා මහතා ඒ බව තහවුරු කළා.
මෙම ගුවන් යානය පියාසර කරන ආකාරයේ ඡායාරූපයක් ලබාගෙන එය ඔබේ සමාජ මාධ්‍ය ගිණුමක පළ කළ යුතුයි.
එලෙස පළ කරන විට ශ්‍රී ලංකන් එයාලයින්ස් හෝ නෙත් එෆ් එම් ලෙස හෑෂ් ටැග් සමඟ එය පළ කළ යුතු අතර එසේ නොමැතිනම් එම ඡායාරූපය 0711 95 95 95 ට වට්ස්ඇප් කළ හැකියි.