අපේ රටේ පැවැත්වෙන විවිධ නිලවරණ අතරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය වඩාත් විශේෂ අවස්ථාවක්.

වසර 10කට වරක් පැවැත්වෙන මෙම නිලවරණය මෙවර වඩාත් උණුසුම් වී ඇත්තේ ඒ සඳහා අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වීමට සූදානම්ව සිටීම හේතුවෙන්.

රටම බලා සිටින මෙම නිලවරණය නොවැම්බර් මස 07 වනදා හෝ ඊට ආසන්න දිනකදී පැවැත්වීමට නියමිත බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.