විදේශ විනිමය උපයනවා මෙන්ම විදේශ විනිමය ඉතිරි කරන රටක් බවට ශ්‍රී ලංකාව පත් විය යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

එමෙන්ම අනාගතයේ ඇති ඉලක්ක පාදක කර ගනිමින් නව නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළා.