දේශපාලඥයන්ගේ අවශ්‍යතාවය අනුව මහා මාර්ග සංවර්ධනය කිරීම වෙනුවට ආණ්ඩුවේ සංවර්ධන සැලැස්මට සමගාමී මහා මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

මහා මාර්ග ව්‍යාපෘති ප්‍රමාද වීමද එමඟින් වලක්වාගත හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා මෙම වසරේදී රුපියල් කෝටි 2,600ක් වෙන්කර ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී කියා සිටියා.