අමෙරිකාව පැනවූ බදු අඩු කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක ද? අවාසිදායක ද? මේ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ මතුව ඇත්තේ අලුත් කතාබහක්.

අමෙරිකාව පැනවූ නව බදු මෙරට ඇගලුම් ක්ෂේත්‍රයට කෙසේ බලපාවිද යන්න ඒ අතර කාගේත් අවධානය දිනූ මාතෘකාවක්.

ශ්‍රී ලංකාවට අමතරව කලාපයේ තවත් ප්‍රධාන රටවල් කිහිපයක්ම අමෙරිකාවට සිය ඇගලුම් අපනයනය කරනවා.

ඒ අතරින් වඩා වැදගත් වන්නේ වියට්නාමය සහ බංග්ලාදේශයයි.

ඉන්දියාව සහ පකිස්ථානය ද ඒ අතරට අයත්.

වියට්නාමය බිලියන 14යි දශම 4ක්, ඉන්දියාව බිලියන 4යි දශම 7යි 1ක්, පකිස්ථානය බිලියන 1යි දශම 1ක් අමෙරිකාවට රෙදි අපනයන කරද්දී ශ්‍රී ලංකාව අපනයන කරන්නේ බිලියන 0යි දශම 7යි 1ක් පමණයි.

එවන් පසුබිමක ශ්‍රී ලංකාවට පැනවූ බදු ප්‍රතිශතයට වඩා අඩු බදු ප්‍රතිශතයක් වියට්නාමයට, ඉන්දියාවට සහ පකිස්ථානයට පනවා තිබෙනවා.

මේ අතරින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරගකරුවා වන වියට්නාමයට පනවා ඇති බදු ප්‍රමාණය සියයට 20ක්.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ඇගලුම් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානයක මහතා සඳහන් කළේ අපනයනකරුවන්ට ඇති අනවශ්‍ය පීඩනය අඩු කර ඔවුන්ට සහන සැලසීම මේ මොහොතේ අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.

අමෙරිකාවේ නව බදු මෙරට ඇගලුම් ක්ෂේත්‍රයට දරාගත හැකිද? මේ, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ නව බදුවල බලපෑම සම්බන්ධයෙන් අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමග ඉදිරියේදී පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.