පාර්ලිමේන්තුවේදී අද වැඩිම අවදානයක් යොමු වුණේ ප්‍රධාන මාතෘකා දෙකක් පිළිබඳවයි.
ඉන් එක් මාතෘකාවක් වූයේ ලුණු ආනයනය කිරීමයි. අනෙක් මාතෘකාව වූයේ ඩිජිටල් සේවා මත පනවන බදු පිළිබඳවයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඩිජිටල් සේවා රැසක් සඳහා නව බද්ද පනවන බැවින් එම සේවාවලට දැඩි බලපෑමක් එල්ල වන බවයි.
කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ඩිජිටල් සේවා සඳහා කිසිදු නව බදු පැනවීමක් සිදු නෙවන බවයි.
ලුණු ආනයනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද ලුණු ආනයනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ ඊට ප්‍රතිචාර දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා.
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.