Published
2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව ක්‍රම වේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබා දීමට මෙහිදී හැකියාව ලැබෙන බවයි පොලීසිය පවසන්නේ.
එහිදී ලබා දෙන තොරතුරුවල රහස්‍යභාව්‍ය ආරක්ෂා කරන බව ද පොලීසිය පවසනවා.
ඒ අනුව පොලිස් කොට්ඨාස 47 කට දුරකතන අංක ලබා දී ඇති අතර අදාළ පොලිස් කොට්ඨාසවල දුරකතන අංක පහතින් ඇතුළත්.





