මාවතගම, සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් තිබූ අලු‍ත උපන් බිළිදෙකු සොයා ගෙන තිබෙනවා. ඒ, වෙල්යාය මැදින් ගමන් කළ ප්‍රදේශවාසියෙකු මාවතගම පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි. ඒ අනුව බිළිදා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර තිබෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ එම බිළිඳා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවයි.