අල සහ ළුෑණු ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

කෙසේවෙතත් සිය අස්වනු සඳහා නිසි මිලක් ලැබී නොමැති බවයි ගොවීන් චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් සිය වගාවන් සඳහා වැය වූ මුදලද පියවා ගත නොහැකි බව ගලෙන්බිදුණුවැව ගැටලාව ළුෑණු ගොවීන් පැවසුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පැවසුවේ අල සහ ළුෑණු අස්වනු මිලදී ගැනීමේදී ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ගොවිජන රක්‍ෂණ මණ්ඩලය හරහා අවශ්‍ය පියවර ගන්නා බවයි.