සියලු රාජ්‍ය සේවකයින් තම රාජකාරිය අවංකව සිදුකළ යුතු බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

රාජ්‍යය අංශයේ ඕනෑම තරාතිරමක සේවය කරන නිලධාරියෙකුට එරෙහිව දූෂණ චෝදනාවක් එල්ල වේ නම් ඒ පිළිබඳ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙම අදහස් පළ කළා.