අද දිනයේ විශේෂ සුනාමි පෙරහුරු අභ්‍යාසයක් පැවැත්වෙනවා.

ඒ, ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීවයි. මෙම ඉන්දියා සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය ස්ථාන පහකදී පැවැත්වීමට නියමිතයි.

මෙවැනි සුනාමි පෙරහුරු අභ්‍යාසයක් වැදගත් වන්නේ ඇයි? මේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර සූදානම් අංශයේ අධ්‍යක්‍ෂ චතුර ලියනාරච්චි මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 04ක් කේන්ද්‍ර කර ගනිමින් අද දින මෙම සුනාමි පෙරහුරුව පවත්වන බවයි.

මෙය සුනාමි පෙරහුරු අභ්‍යාසයක් බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මෙම විශේෂ පෙරහුරු අභ්‍යාසය පැවැත්වෙන්නේ යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේයි. ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිසත්‍රික්කයේ පෙරවරු 08යි 30ට ආරම්භ වනවා.