ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. අවසන් මහා රන්දෝලි පෙරහර අද පස්වරු 06.51ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ උතුරු දිශාමුඛවයි. ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර පිළිබඳ තවත් තොරතුරු එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.

ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර නැරඹීම සඳහා පැමිණි ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා ඇති බවයි මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසුවේ. වාහන සඳහා ගමන් කළ හැකි විකල්ප මාර්ග පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. මේ අතර දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විශ්ණු දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර මේ වන විට වීථි සංචාරය කෙරෙනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු එම දේවාල භූමියේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ. මහින්දගෙන්.