ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද (02) පැවැත්වෙන එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප.ව. 2.30ට සිදුකිරීමට නියමිතව තිබුණත් එයද සිදුකිරීමට නොහැකිවි තිබෙනවා.