අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් පාසල් සිසුවෙකු පිළිබද කන්දේනුවර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කන්දේනුවර නලයගර් ඇල්ලෙන් පහලට වැටි එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වත්තේගම ප්‍රදේශය් පදිංචි සිසුවෙක්.

ඔහු තවත් පුද්ගලයන් තිදෙනෙකු සමග නලයගර් ඇල්ල නැරඹීමට පැමිණ තිබෙනවා.

ඔවුන්ගෙන් තරුණයන් තිදෙනෙකු ඇල්ලෙන් පහළට වැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී අදාළ පාසල් සිසුවා ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර ඇල්ලෙන් පහළට වැටුණු පුද්ගලයන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පාසල් සිසුවාගේ මෘත දේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.