Published
ශ්‍රී ලංකාව වටා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 2,500ට වැඩි සංඛ්‍යාවක් ඇති බවට හඳුනාගෙන ඇතැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ ඒවා ඉවත් කිරීම සඳහා දැන් කටයුතු ආරම්භ කර ඇති බවයි.
මෙම අනවර ඉදිකිරීම් ඉවත් කිරීම අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිත බවයි අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.
ශ්‍රී ලංකාව වටා වෙරළ තීරයේ ඇති මෙම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම සිදු කරන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහායි.