Published
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා.
ඒ, අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.
හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ පසුගිය 21 වනදා අපවත් වුණා.