එළඹෙන බ්‍රහස්පතින්දා සිට රජය මගින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

රජය විසින් නියම කර ඇති අවම මිල යටතේ එම වී තොග මිලදී ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග යොදා ඇති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

යළ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති අක්කරෙයිපත්තුව, අම්පාර, සමන්තුරෙයි, මඩකලපුව ආදී ප්‍රදේශවල වී විකුණාගත නොහැකිව ගොවීන් අසරණ වී සිටින බව ගොවි සංගම් නියෝජිතයන් පසුගියදා චෝදනා එල්ල කළා.

එම ප්‍රදේශවල වී කිලෝවක මිල රුපියල් සියය දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් නෙත් නිවුස් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. ඊට ඔහු පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.

තෙත වී සඳහා අවම මිලක් නියම කිරීමට රජය පියවර ගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා.