Published
මෙම මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට දින ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි මෙහෙයුම් සහ සංවර්ධන අතිරේක කොමසාරිස් ආර්.කේ. ජයලත් මහතා සඳහන් කළේ ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ විසි එක්දහස් හත්සිය හතලිස් පහක් අතරේ රුපියල් එකොලොස් බිලියන දෙසිය හැත්තෑපස් මිලියන නවලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය පනහක මුදලක් බෙදාහරින බවයි. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභ මුදල අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් හෙට දිනයේ ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.