Published
මෙම මාසයට අදාල අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව රුපියල් එකොලොස් බිලියන දෙසිය එක් මිලියන හයසිය හතලිස් හත් දහසක මුදලක් ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ දොලොස් දහස් පන්සිය හැත්තෑ හතරක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කෙරෙනවා.
ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස් මෙහෙයුම් ආර්.පී. ජයලත් මහතා සඳහන් කළේ.



