මෙම වසරේ ජූලි මාසය අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට හෙට දිනයේ බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව රුපියල් තුන් බිලියන තුන් මිලියන අටලක්ෂ හතලිස් දහසක මුදලක් ප්‍රතිලාභීන් හය ලක්ෂ හත්සිය හැට අට දෙනෙකු අතරේ බෙදාහැරීමට නියමිතයි.

අදාල ප්‍රතිලාභීන්ට හෙට දිනයේ සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවයි සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.