සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මෙම වසරේ සැප්තැම්බර් මාසයට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව රුපියල් තුන් බිලියන දාහතර මිලියන දෙසිය හැට දහසක මුදලක් ප්‍රතිලාභීන් හයලක්ෂ දෙදහස් අටසිය පනස් දෙකක් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

අදාල ප්‍රතිලාභින්ට අද දිනයේ සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.