ලොවට සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වුණා.

ලොව පුරා කිතුනුවන් මෙන්ම ශ්‍රී ලාංකිකයින්ද උදා වූ නත්තල මහත් බැතියෙන් යුතුව සමරනු ලැබුවේ කිතුනු දේවස්ථානවල පැවති දිව්‍ය පූජාවන්ට එක්වෙමින්.

දහස් සංඛ්‍යාත කිතුනු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවති එම දිව්‍ය පූජාවන් පැවැත්වුණේ රටට සහ ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්.

මෙවර නත්තල උදා වූයේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ස්වභාවික ආපදාවකින් පසුවයි.

එබැවින් මෙවර නත්තල සැමරීමේදී පීඩාවට පත්වූ ජනතාව සමග එක්ව පරිත්‍යාගශීලිත්වය පදනම් කර ගනිමින්එය සැමරිය යුතු බවයි ගරු සිරිල් ගාමිණී පියතුමන් පෙන්වා දුන්නේ.

කිතුණු උපතෙන් ලොවට දුන් පණිවිඩයක් වන්නේද අන් අය හා බෙදා හදා ගැනීම බවයි ගරු සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.