අසිරිමත් නත්තල සැමරීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට පැමීණ සිටින අයුරු අද(25) අපගේ කැමරාවේ සටහන්ව තිබෙනවා.

නුවරඑළියේ සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත් විදේශිකයන් නුවරඑළියට පැමිණ නුවරඑළියේ සුන්දර ස්ථාන නරඹමින් විනෝදවන ආකාරයද අපට දක්නට ලැබුණා.

මේ අතර දිට්වා සුලි කුණාටුවෙන් ග්‍රෙගරි වැව පිටාර ගැලිමෙන් හානියට පත් ග්‍රෙගරි වැව සහ ග්‍රෙගරි වැව පරිශ්‍රය යලි යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව ග්‍රෙගරි වැවේ බෝට්ටුකරුවන් වැවේ සංචාරකයන් රැගෙන යන අයුරුද දක්නට ලැබුණා.