Published
සැලසුම් කළ පරිදි අද දිනයේ උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක හර්තාල් ව්‍යාපාරය සිදු කරන බව දෙමළ ජාතික සන්ධානයේ වැඩ බලන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තයාන්කට්ටු සිවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණියට පසුගිය 07 වනදා අනවසරයෙන් පුද්ගලයින් 05 දෙනෙකු ඇතුල් වීම හේතුවෙන් එම පිරිස පළවා හැරීමට යුද හමුදාව කටයුතු කළා. ඒ අතරතුරදී එක් පුද්ගලයෙකු මුලතිව් මුත්තයාන්කට්ටු වැවේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා.
අද පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතාද අදහස් පළ කළා. කෙසේවෙතත් අදාළ තරුණයා මියයාම සම්බන්ධයෙන් පරික්‍ෂණයක් ක්‍රියාත්මකයි. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් උතුරු නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් ඇති කිරීමට ඇතැම් දේශපාලඥයින් කටයුතු කරන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.