එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන “අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟය දැන් පැවැත්වෙනවා.

ඒ ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 04ක් දැවී ලකුණු 64ක් රැස්කරගෙන සිටියා.

“අළු බඳුන” ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟ තුනම ජය ගත්තේ ඕස්ටේ්‍රලියාවයි.

තරඟාවලියට තරඟ 05ක් ඇතුළත්.

සාමාන්‍යයෙන් සෑම වසරකම පාහේ නත්තල් දිනයට පසු දින ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනවා.

එය සැලකෙන්නේ “බොක්සින් දින” ටෙස්ට් තරඟය ලෙසයි.