2024 – 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අලුයම නිකුත් කෙරුණා.

ඒ අනුව ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඩොනේට්ස් ඩොට් එල් කේ (www.doenets.lk) වෙබ් අඩවියට පිවිස අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

එමෙන්ම ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් රිසාල්ට්ස් ඩොට් එක්සෑම්ස් ඩොට් ජී ඕ වී ඩොට් එල් කේ (www.results.exams.gov.lk) වෙබ් අඩවියට පිවිස ද ප්‍රතිඵල ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

සියලුම විදුහල්පතිවරුන්ට විභාග ප්‍රතිඵල ලේඛන යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉකුත් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් හාරලක්ෂ හැත්තෑ හතර දහස් එකසිය හතලිස් හත් දෙනෙකු පෙනී සිටියා.

ඒ අතරින් තුන් ලක්ෂ අනූ අට දහස් එකසිය අසූ දෙදෙනෙකු පාසල් අයදුම්කරුවන්.

විභාගයට පෞද්ගලිකව පෙනී සිටි සංඛ්‍යාව හැත්තෑ පන්දහස් නවසිය හැට පහක්. දිවයින පුරා මධ්‍යස්ථාන 3,664කදී විභාගය පැවැත් වුණා.