Published
ආණමඩුව, වඩත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 03ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, ප්‍රදේශවාසියෙකු විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරින්ට ලබාදුන් තොරතුරකට අනුවයි. ඒ අනුව විදේශීය රටක නිෂ්පාදනය කරන ලද SFG 87 වර්ගයට අයත් ජීව අත්බෝම්බ 03ක් සොයාගෙන තිබෙනවා. එම ජීව අත්බෝම්බ අදාල පාළු ඉඩමට ගෙනවිත් ඇත්තේ කව්රුන් විසින්ද යන්න අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.