විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව පොදු සන්ධානයක් ලෙස එක්වීමේ සූදානමක් ඇති බවට විටින් විට විවිධ වාර්තා පළ වනවා. මේ දිනවලත් ඒ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැත්වෙන බවටයි වාර්තා පළව තිබුණේ. විපක්ෂය එකතුවෙලා හදන්න යන පොදු සන්ධානය කුමක්ද? එවැනි සූදානමක් පවතිනවාද? මේ ප්‍රශ්නවලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.

විපක්ෂය එකතු කර මෙවැනි සාකච්ඡාවක් හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිත බවටත් වාර්තා පළ වුණා. එය සත්‍යයක් ද? සංජීව එදිරිමාන්න මහතා ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.