Published
මත්ද්‍රව්‍ය මැඩලීමේ මාතෘකාව පෙරට ගෙන ආණ්ඩුව රටේ සැබෑ ප්‍රශ්න අමතක කර ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.
ඒ අනුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමටද ආණ්ඩුව අසමත් වි ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ
ජනතාවට දැනෙන සුබසාධනයක් සිදු කිරීමට නොහැකි වූ බව පිළි ගන්නා බවයි ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ.
කෙසේවෙතත් රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන ආකාරයට ඇතැම් ක්‍ෂේත්‍රවල ජනතාවට සහන සලසමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම මෙරට ජනතාවට ජීවත් විය හැකි සමාජ වටපිටාවක් සැකසීමට ඉදිරියේදී කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසුවා.