ජාතික ජන බලවේග ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇති වෙලාද? අගමැති ධූරය වෙනස් වෙනවාද? මේ දිනවල දේශපාලන කරළියේත් මේ පිළිබඳ විවිධ අදහස් පළ වනවා. මේ, ඒ පිළිබඳ වාර්තාවක්.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ උඩු ගුවනට යැවූ “සුප්‍රිම් සැට්” චන්ද්‍ර‘කාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ පැවති සංවාදයන් නැවත කරළියට පැමිණියේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සමඟයි. අදාල කරුණ සම්බන්ධයෙන් යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පවසා තිබුණේ “සුප්‍රිම් සැට්” චන්ද්‍ර‘කා ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය වී නොමැති බවයි. පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරිය විසින් අදාල පිළිතුර ලබාදුන්නේ ආයෝජන මණ්ඩලය විසින් ලබාදී ඇති සංඛ්‍යා ලේඛන අනුව බවයි. කෙසේවෙතත් එම සංඛ්‍යා ලේඛන වැරදි සහගත බවයි අමාත්‍යවරයා එම අවස්ථාවේදී කියා සිටියේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹදී පැවති මාධ්‍ය හමුකදී මෙලෙස අදහස පළ කළා. මෙවන් පසුබිමක් යටතේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පළ කළ අදහසයි මේ. විපක්ෂය පවසන ආකාරයේ බෙදීමක් ආණ්ඩුව තුළ පවතිනවාද? අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු වනවාද? ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරයයි මේ.