ආපදා කළමනාකරණය සහ සහන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත්වීම් නොමැති බවට විපක්ෂය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රකාශ පවා එකිනෙකට පරස්පර බවයි.

සහන සහ මුදල් ආධාර ලබා දීමේ කටයුතුවලදීද ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගනිමින් සිටින බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.

කෙසේවෙතත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ සහන ක්‍රියාවලියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් කඩිනමින් සහන ලබා දීම ආණ්ඩුවේ අපේක්‍ෂාව බවයි.

මේ අතර, හෙට සහ අනිද්දා දෙදිනම පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර තිබෙනවා.