මත්ද්‍රව්‍ය උවදුර සහ අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් අපරාධකරුවන් ඔප්නංවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැවසුවේ.

කෙසේවෙතත් මත්ද්‍රව්‍ය සහ අපරාධ තුරන් කිරීම සඳහා සියලුම දෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

කෙසේවෙතත් මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම එක් එක් පක්ෂවලට ලඝු කිරීමට ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා පැවසුවේ.