Published
සෑම දරුවෙකුටම ප්‍රශස්ථ මට්ටමේ පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව භාරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තුවේ අද පැවති “යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින්.
වර්තමානයේ සැලකිය යුතු ප්‍රමාණයකින් දරුවන් යාන්ත්‍රීකරණයකට භාජනය කර ඇති බව ජනාධිපතිවරයා එහිදී පැවසුවා.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දරුවන් මත පටවා ඇති අධ්‍යාපනයේ බර අඩු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විවාදයට එක්වුණා.
මේ, විවිදයට එක් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය.
අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද එහිදී අදහස් පළ කළා.