අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙනවා.

ඒ, අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදීයි. ආදාහන පෙරහැර පස්වරු 01.30ට පමණ අස්ගිරි මහා විහාරයේ සිට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ.

අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර, ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සඳුදා උදෑසන අපවත් වුණා.

ඒ වන විට උන්වහන්සේ 67 වන වියේ පසුවුණා.