Published
ආපදා තත්ත්වයෙන් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන 1,054කට හානි සිදුව ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසනවා.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා පැවසුවේ ආගමික සිද්ධස්ථාන 33කට ඉන් පූර්ණ හානි සිදුව ඇති බවයි.
එම ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා වැඩිදුරටත් සඳහන් කළා.




