ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝශයක් හේතුවෙන් මෙම නෞකාව ආපදාවට ලක් වුණා.

මෙම ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ ඉන්දියානු, තුර්කි, සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත 14 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් ඇතුලත්.

ඒ අනුව සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කල අතර බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කර තිබෙනවා.