රට තුළ ආපදා තත්ත්වයක් පැවතියද මත්ද්‍රව්‍ය උවදුර රටෙන් තුරන් කිරීමේ ‘රටම එකට’ මෙහෙයුම ක්‍රියාත්මක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ගතවූ සතියක කාලය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 70ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ දිනවල රථවාහන ධාවනයේදීද වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.