දිට්වා සුළි කුණාටුවෙන් සහ ඇති වූ ගංවතුර හේතුවෙන් ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහන සැලසීමට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්.
ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභි බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026.01.15 දිනට පෙර ඉල්ලීමක් කළ විට සහන ලබාදෙන ලෙසට බලපත්‍රලාභි බැංකු වෙත එම චක්‍රලේඛයෙන් දැනුම්දී ඇති බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ.
ඒ අනුව තාවකාලික ණය සහන යටතේ බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොලිය ආපසු ගෙවීම, මාස 3 සිට හය දක්වා කාලයක්, ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවනු ඇති.
බලපෑමට ලක් වූ ණය ගණුදෙනුකරුවන්ට නව ණය පහසුකම් ඇතුළු බලපත්‍රලාභි බැංකු මගින් සහන සැලසිය යුතු ආකාරය දැක්වෙන ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය




