මෙම මාසයේ පළමු දින 10 ඇතුළත විදේශීය සංචාරකයින් 93,000 ක් මෙරටට පැමිණ ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ආපදා තත්ත්වයකට මුහුණ දී කෙටි කලක් තුළ එතරම් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණීම සැලකිය යුතු ජයග්‍රහණයක් වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ සමස්ත ආදායම රුපියල් බිලියන 3 ඉක්මවනු ඇති බවද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළා.