Published
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපේ රට සහ ජනතාව නැවත සවිබල ගැන්වීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද ආරම්භ වුණා.
ඒ, “පෙරටම යමු ලංකා” නමින්. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය, මෙරට සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ ගෙන එන එම සමගාමී විකාශය ආරම්භ වුණේ පෙරවරු 09.00ටයි.
මේ, එම වැඩසටහනට එක්වූ උත්ප්‍රේරක දේශක ආචාර්ය වරලත් ඉංජිනේරු රනිල් සුගතදාස මහතා.
පැවති ආපදා තත්ත්වයෙන් පසුව රට යළි ගොඩනැගීමේ කාර්යය වෙනුවෙන් කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අනුප්‍රභා වික්‍රමසිංහ මහත්මිය කරුණු පැහැදිලි කළා.
ඇති වූ ව්‍යවසනයෙන් පසු ජාතික මට්ටමින් එක්ව කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් බවයි මනෝ වෛද්‍ය මහාචාර්ය අමිල ඉසුරු මහතා සඳහන් කළේ.




