‘දිට්වා’ සුළි කුණාටුව සහ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ කර්මාන්ත සම්බන්ධව කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය වෙත මේ වන විට ව්‍යාපාර 13,698ක දත්ත ප්‍රමාණයක් ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර 5,639ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4,636ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2,986ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 437ක තොරතුරු මේ වන විට ආපදා සහාය මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීම සඳහා 071 26 66 660 යන දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ආපදාවට පත් කර්මාන්ත සම්බන්ධ තොරතුරු හැකි ඉක්මනින් එම දුරකථන අංකය අමතා ලබා දෙන ලෙසද කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක්ද කළා.
එම තොරතුරු ලබන 16 වනදා පස්වරු 2ට පෙර ලබාදීම සිදුකළ යුතුයි.
ඒ සම්බන්ධව තොරතුරු ඇතුළත් කිරීම සඳහා ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඉන්ඩස්ටි්‍ර ඩොට් ජී ඕ වී ඩොට් එල් කේ වෙත පිවිස සිදුකළ හැකි බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ සඳහා අවශ්‍ය සහය අදාළ ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාල මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන්ද ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.




