Published
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගොවිපළවල ඇති කළ මියගිය සතුන්ගේ මස් වෙළඳපොළට පැමිණීමේ අවදානමක් මතුව නොමැති බව ශ්‍රී ලංකා මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ආපදාවට ලක් වූ සත්ව ගොවිපළ සියල්ලම පාහේ පසුගිය දිනවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් පරීක්‍ෂාවට ලක්කර ඇති බවයි.
මේ අතර මන්නාරම දිස්ත්‍රික්කය තුළ මස් විකිණීම, ගබඩා කර තැබීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම මාසයක කාලයක් සදහා ඉකුත් තුන්වනදා සිට තහනම් කර තිබෙනවා.
එවැනි තීරණයක් ගැනීමට බලපෑ ඇත්තේ කුමන හේතුවක්ද?
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කරුණු දැක්වූයේ මෙලෙසයි.



