‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් සිදුවූ ආපදා පිළිබඳ පශ්චාත් හානි තක්සේරුවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව මගින් එම තක්සේරුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.
ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලෙහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියාසිටියා.
දෙසැම්බර් 16 වනදා පාසල් ආරම්භ කිරීමට පෙර ආපදාවලට ලක්වූ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩනැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා ඊයේ කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණා.
ඒ අනුව, ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවල ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමට නියමිතයි.
යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 92ත් 112ත් අතර මුළු මුදලක් සලසා ගැනීමටයි ජනාධිපතිවරයා අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේ.




